Death Note (2006) සිංහල උපසිරැසි

 


මේ චිත්‍රපටිය ජපාන එකක්. මම පළවෙනි වතාවට තමයි ජපන් භාෂාවෙන් තියෙන චිත්‍රපටියක් බැලුවේ. මේක තෝරගන්න හේතුව තමයි, මේක කොච්චර පරණ වුනත් හොඳ ප්‍රතිචාරයක් තියෙන එක. අනිත් හේතුව තමයි, මේක කතා මාලාවක්. චිත්‍රපටි හතරක් මේ මාතෘකාව යටතේ කරලා තියෙනවා. හතරටම හොඳ ප්‍රතිචාර තියෙනවා. බලන ඔයාලාගේ ප්‍රතිචාර අනුව, ඊළග කතා වලත් උපසිරැසි කරන්නම්.

IMDB වල 7.7ක අගයක් මේ වෙනකොටත් අරගෙන තියෙනවා. 2006 නිකුත් කරපු චිත්‍රපටියක්, ඒ වගේ අගයක් අරගෙන තිබීමම, මේකේ සාර්ථකත්වය කියා පානවා. Shûsuke Kaneko විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ රගපෑමෙන් දායක වෙනවා Tatsuya Fujiwara, Ken'ichi Matsuyama, Erika Toda වගේ අය. මේ කතාවේ Erika Toda රගපාන්නේ සුළු චරිතයක් වුනාට, දෙවෙනි කොටසේ ප්‍රධාන චරිතය කරන්නේ මෙයා. 

කතාව: අපේ කතා නායකයා, ලයිට් යගාමිට හමුවෙනවා "මරණයේ සටහන" කියලා පොතක්. මේ පොතේ තියෙන විශේෂත්වය තමයි, කාගේ හරි නමක් මේකේ ලිව්වොත්, එයා හෘදයාබාධයක් හැදිලා මියයනවා. ඉතිං, ලයිට් තීරණය කරනවා මේ පොත පාවිච්චි කරලා අපරාධකාරයන්ට මරණය අත්කරදෙන්න. මේ අතරේ, පොලීසියේ කණ්ඩායමක් මේ අභිරහස් මරණ කරන්නේ කවුද කියලා හොයාගන්න, "එල්" ගේ මූලිකත්වයෙන් කණ්ඩායමක් යොදවනවා. මේ අය අතරේ සිද්ධවෙන කතාව තමයි මේ... 

මේ කතාව බලලා, හොඳ නරක කියන්න. ඇත්තටම අපේ කට්ටිය කැමති නම්, මම මේකේ ඉතුරු කොටස් වල උපසිරැසිත් කරන්නම්. එතකල් වෙන චිත්‍රපටියක් පරිවර්තනය කරනවා... හැමෝටම ජය වේවා!!


මම මේක බාගත්තේ https://yts.mx/movies/death-note-2006 ලින්ක් එකෙන්.

වැඩි විස්තර බලන්න පුලුවන් මේ තැන් වලින්.

https://www.imdb.com/title/tt0758742/

https://www.rottentomatoes.com/m/death_note_2007

https://en.wikipedia.org/wiki/Death_Note_(2006_film)

උපසිරැසි බාගන්න පුලුවන් මෙතනින්. සුපුරුදු පරිදි www.zoom.lk එකෙත් මේක පලවෙනවා.

https://subscene.com/subtitles/death-note-desu-nto-2006/sinhala/2311390

පොඩි කෑල්ලක් බලන්න හිතෙනවා නම්, මෙන්න තැන.





Comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊👊. මේ film series එකේ ඉතුරු filmවලටත් සබ් දෙන්න

    ReplyDelete

Post a Comment