Bigfoot Family (2020) සිංහල උපසිරැසි


Bigfoot Family (2020)  කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය වෙයි. මේක බෙල්ජියම්-ප්‍රංශ නිෂ්පාදනයක්. ඒ නිසා මුල් භාෂාව ප්‍රංශ. ඒත් ඒක අපේ රස වින්දනයට කිසිම බාධාවක් නෑ. දැන් ඉංග්‍රීසියට හඩකවපු එකත් නිකුත්වෙලා තියෙන්නේ.

ඇනිමේෂන් චිත්‍රපටි කරන එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩාක් මුදලක් මේකට යොදවන්න වෙනවා. ඒත් හරි හමන් කතාවක් නැත්නම්, නිකම්ම චිත්‍රපටිය අසාර්ථක වෙනවා. හැබැයි, මේක ඉතා ලස්සනට ලියලා, හොඳ ඇනිමේෂන් කණ්ඩායමක් කරලා තියෙනවා. ඒ නිසා ඉවර වෙනකල්ම එක හුස්මට බලන්න හිතෙනවා. මේක ලියලා තියෙන්නේ Bob Barlen, Cal Brunker දෙන්නා. අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Jeremy Degruson, Ben Stassen දෙන්නා. මේකේ රඟපෑම නෙමෙයිනේ. කටහඩින් දායක වෙලා තියෙනවා Kylian Trouillard (ඇඩම්), Alexis Victor (බිග්ෆූට්), Frederic Souterelle (විල්බර්) සහ Sébastien Desjours (ට්‍රැපර්) ඇතුළු කණ්ඩායමක්. මම ආසම චරිත ටික තමයි ඔය කිව්වේ.

කතාව දිවෙන්නේ බිග්ෆූට් පවුල වටා. කලින් කතාවේ තාත්තා කැළැව අතහැරලා ගෙදර එනවානේ. ඊටපස්සේ එයාට දැනගන්න ලැබෙනවා ඇලස්කාවේ නිම්නයක් විනාශ කරමින් තෙල් නිධි කැනීමක් කරනවා කියලා. ඒක ගැන බලන්න යන එයාට සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි අනතුරකට. ඒ අතරේ තාත්තාට මොකද වුනේ කියලා හොයන්න, ඇඩම් ඇලස්කාවට යන්න තීරණය කරනවා. මෙයාලාට වෙන්නේ මොනවාද කියලා මේක බලලාම දැනගන්න.

මේකේ උපසිරැසි කරන්න මාව යොමු කරවපු Ishira Janith සහෝදරයාට මගේ ස්තූතිය.

මම මේක අරගත්තේ YTS Movies

Direct downloads වලට කැමති අයට මෙතිනින් පුළුවන්. MKV King

මගේ උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. SUBSCENE මේක තව ZOOM  එකෙත් පළවේවි.

කතාව බලන්න කලින් ඒ ගැන කියවන අයටයි මේ අවස්ථාව.

IMDB

WIKIPEDIA

කතාවේ trailer බලන්න පුළුවන් මේ තැන් වලින්.

SUBSCENE TRAILER

YOUTUBE

සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රස විඳින්න... ජයවේවා!!!

Comments

  1. බොහොම ස්තූතියි උපසිරසියට ❤️ ...
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment