අද මම පරිවර්තනය කලේ ස්පාඤ්ඤ චිත්රපටියක්. මේක බලන්න මාව පෙළඹුනේ facebook එකේ තිබ්බ සටහනක්. ඒකේ තිබ්බා, මේ වෙනකල් Netflix කට්ටිය හදලා තිබ්බ චිත්රපටි වලින්, හොඳම horror film එක මේකලු. ඉතිං අපි මොකද නොබලා ඉන්නේ? එයාලා නම් කියන්නේ, මේක බලන්න පටන් ගත්ත අයගෙන් 2%ක් වත් ඉවර වෙනකල් බලලා නෑ කියලා. ඔයාලා බලනවාද?
ස්පාඤ්ඤයේ ඉන්න බය හිතෙන චිත්රපටි ගණනාවක් කරපු Paco Plaza තමයි මේක ලියලා, අධ්යක්ෂණය කරන්නේ. 2017 වර්ශයේ නිකුත් වුනත්, හොඳ ප්රේක්ෂක ප්රතිචාරයක් මේකට තියෙනවා. රගපෑමෙන් දායක වෙනවා Sandra Escacena සමග ළමා නළු නිලි Bruna González, Claudia Placer, Iván Chavero යන අය දක්ෂ රංගනයක යෙදෙන බව නම් කිව යුතුමයි. IMDB එකේ 6.2 අද වෙනකොට මේ කතාව ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මේ චිත්රපටිය කරලා තියෙන්නේ ඇත්ත කතාවක් ඇසුරෙන්. දැන් ඔයාලා හිතනවා ඇති ඇත්ත කතා වල කොහෙන්ද හොල්මන් කියලා. ඒ් මේක ඇත්ත සිද්ධියක්. මේක පොලිස් පොතේ ලියවිලා තියෙන ඇත්ත කතාවක්. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වල එක ගැහැණු ළමයෙක් ඔයිජා බෝඩ් (Ouija Board) එකකින් තව යහළුවන් දෙදෙනෙක් එක්ක එකතු වෙලා මළගිය ආත්ම වලට කතා කරනවා. මේ වැඩේ කරන්නේ සූර්යග්රහණයක් තියෙන දවසක. ඒ කියන්නේ පුරාණ මිනිස්සු බිලිපූජා පවත්වන දවසක. එදාම මෙයාලා කරන මේ වැඩේ සාර්ථක වෙයිද? එතකොට ඇත්තටම ආත්ම වලට කතා කරන්න පුළුවන්ද? මේවා බලන්න මේ කතාව බලන්නම වෙනවා...
මම මේක බාගත්තේ https://yts.mx/movies/veronica-2017 ලින්ක් එකෙන්.
Online බලන්නයි direct downloads වලටයි මෙන්න තැන.
https://mkvking.com/veronica-2017/
https://www.imdb.com/title/tt5862312/
https://en.wikipedia.org/wiki/Ver%C3%B3nica_(2017_Spanish_film)
https://www.rottentomatoes.com/m/veronica
චිත්රපටියේ පොඩි කෑල්ලක් බලන්නත් ආස ඇතිනේ... මෙන්න අවස්ථාව...
උපසිරැසිය අරගෙන මේ සිනමා පටය රස විඳින්න... ජයවේවා!!!
බොහොම ස්තූතියි සබ් එකට �� ...
ReplyDeleteජය වේවා.!