Still / Born (2017)

Still/Born (2017)

අද මම උපසිරැසි නිර්මාණයට තෝර ගත්තේ අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මේක ටිකක් විතර බය හිතෙන විදියේ කතාවක්. සිනමා පටය නිකුත් කරලා තියෙන්නේ මැලේසියාවේදී. හැබැයි හොද ආකර්ෂණයක් අරගන්න පුලුවන් වුනා මේකට. වැඩිපුරම හේතුව වුනේ මේ කතා නායිකාවගේ රගපෑම කියලා මට නම් හිතෙන්නේ.

මේරි, මේ කතාවේ කතා නායිකාව, තරුණ මවක්. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මේරි, අන්තිමේදී එක දරුවෙක්ට හොදින් උපත ලබා දුන්නත් එක දරුවෙක් මිය යනවා. මේ නිසා ඇතිවන මානසික පීඩනය තමයි මේ මුලු කතාවේම තියෙන්නේ. ආතතියේ උපරිමයේදී මේරි විශ්වාස කරනවා යම්කිසි අත්භුත ආත්මයක් තමන්ගේ ජීවත් වෙන දරුවාව රැගෙන යාමට පැමිණෙන බව. විවිධ සාක්ෂි වලින් මේ කතාව ඇය තහවුරු කරගන්නවා. මේ සිද්ධි අතරේ මේරිගේ ජීවිතයට එන ගැටලු නිරාකරණය වෙන්නේ කොහොමද කියලා මේ කතාව බලලාම දැනගන්න.

මේ තියෙන්නේ IMDB එක මේ ගැන කියන විදිය.

Trailer එක මෙතනින් බලන්න පුලුවන්.


උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්


උපසිරැසි ගන්න තැන් වල පුලුවන් නම් වචනයක් ලියලා යන්න. ඒක අපිව ලොකුවට දිරිමත් කිරීමක්.

Comments