Desperados (2020)

Nasim Pedrad, Sarah Burns, and Anna Camp in Desperados (2020)

අද මම උපසිරැසි ගෙන ආවේ ආදර කතාවක. මේක මේ ඉතා මෑතකදී නිකුත් කරපු සිනමා පටයක්. හරියටම කියනවානම් 2020 ජූලි 03 වෙනිදා. කොහොමහරි මේ වෙනකොටත් මේක IMDB 5.1 අරගන්න සමත්වෙලා තියෙනවා. හිතාගන්නකෝ මේකේ තත්වේ. ඇත්තටම ලස්සන පිස්සු ආදර කතාවක්. මේක අධ්‍යක්ෂණය කලේ LP (තරුණ කාන්තාවක්). රගපෑමෙන් දායක වෙනවා Nasim Pedrad, Anna Camp, Sarah Burns, Lamorne Morris, Robbie Amell වගේ අය. 

කෙලින්ම කියන්නේ, මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා පටයක්. අප‌ෙ සංස්කෘතිය නිසා. මම හැබැයි කුණුහරප ලිව්වේ නෑ. ඒත් ඇහෙනවානේ.. දකිනවානේ...

මේක කෙල්ලෙක් එයාගේ ආදරේ හොයාගෙන යන ගමනක් ගැන කියවෙන පිස්සු කතාවක්. කෙල්ල එක්ක තව යාලුවෝ දෙන්නෙක් යනවා උදව්වට. මේ කෙල්ලට තියෙන්නේ හරිම විවෘත පිස්සු අදහස්. ඉතිං කලොත් කරන්නේ පිස්සු වැඩක්. කතාව බලන්නකෝ. 

මේ උපසිරැසි කරන්න ටිකක් කාලයක් ගියා. හේතුව, කෙල්ලෝ තුන්දෙනෙක්නේ ප්‍රධාන චරිත වල ඉන්නේ. මෙයාලා කියවනවා කියවනවා ඉවරයක් නෑ. හැමදේම සිංහලෙන් ලියන්නත් තියෙනවානේ... ඔයාලාත් බලලා රසවිදින්නකෝ..

උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.

සිනමා පටය බාගන්න කැමති නම් මෙතනින් පුලුවන්

මේ ගැන වැඩි විස්තර බලන්න පුලුවන්

Trailer එක බලනවානම් 


මේ දවස්වල ZOOM.LK වල අවුලක්. ඒක හදාගත්ත ගමන්ම එතනත් මේ උපසිරැසි පලවේවි. බලලා වචනයක් ලියලා යන්න අමතක කරන්න එපා...




Comments

  1. Ela machan Jaya wewaa.. �� . Bandula.

    ReplyDelete

Post a Comment