I am Mother (2019)

I Am Mother


මිනිස්සුන්ගේම යුද්ධ කටයුතු නිසා ලොකේ හැමදේම විනාශ වෙනවා. ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි ඉතුරුවෙන්නේ. මේ අතරේ විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කරලා තියෙනවා මිනිස් ජාතිය විනාශ වෙච්ච අවස්තාවක කටයුතු කරන ආකාරය. රොබෝවක් මගින් ජීවය නැවත උත්පාදනය කරන්න තමයි සැලසුම. මේ සැලැස්ම ඇත්තටම හරියයිද? රොබෝවෙකුට පුලුවන්ද මිනිස් ජීවිතයක් රැක බලාගන්න? මේ වගේ කුතුහලයෙන් පිරිච්ච හොද විද්‍යාත්මක චිත්‍රපටියක් තමයි මේක.

වෙනස් විදියේ කතාවක් නිසා පරිස්සමින් උපසිරැසි නිර්මාණය කරන්න සිද්ධ වුනා. ඇත්තටම ඉංග්‍රීසියෙන් තියෙන වචන සිංහලෙන් ලිවුවා කියලා උපසිරැසි හරියන්නේ නෑ කියන එකට මේක හොද උදාහරණයක්. කතාව දෙපාරක් බලලා හොදින් තේරුම් අරගෙන කරපු උපසිරැසි නිර්මාණයක්. බලන්න. 

මේ තියෙන්නේ I am Mother ගැන විස්තර.

මේ තියෙන්නේ මගේ උපසිරැසි ගන්න පුලුවන් තැන්.

බාගන්න පුලුවන් මේ තැන් වලින්
Torrents

Direct Download


උපසිරැසි අරගෙන පුලුවන් නම් වචනයක් ලියලා යන්න. ඒක ලොකු දිරිමත් කිරීමක්...


Comments