Invisible Sue (2018) සිංහල උපසිරැසි

Ruby M. Lichtenberg in Invisible Sue (2018)


අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත් කියන්න පුලුවන්. හැබැයි මේක විද්‍යාත්මක සහ මිත්‍යා ලෝක ගැන කතාවක්.

2019 ඔක්තෝබර් 31 තමයි මේක එලියට දාලා තියෙන්නේ. හැබැයි මම දන්නේ නෑ ඇයි මේක 2018 වර්ශයට දාලා තියෙන්නේ කියලා. ජර්මනියේ නිෂ්පාදිත මේ සිනමා පටය, ජර්මානු භාෂාවෙන් තමයි දිවෙන්නේ. Markus Dietrich විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත විදියට Jürgen Thormann, Ruby M. Lichtenberg, Anna Shirin Habedank රගපානවා. 

කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ප්‍රධාන චරිතය දොලොස් හැවිරිදි දැරියක් වන සුසෑන් (මෙයා කැමති සූ කියනවාට) පාසලේ ජනප්‍රිය චරිතයක් නෙමෙයි. දවසක් මෙයාගේ අම්මා කරන විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිපලයක් විදියට එක රසායනයක් සූ ගේ ඇගේ තැවරෙනවා. මේ නිසා ඇයට නොපෙනී ඉන්න පුලුවන් බලයක් ලැබෙනවා. මේ අරුම පුදුම බලය සූ පාවිච්චි කරන්නේ කොහොමද? මේ නිසා ඇය මුහුණ පාන ගැටලු වලට විසදුම් සොයන්නේ කෙසේද? සිනමා පටය දිගටම බැලුවොත් මේ ගැන විස්තර දැනගන්න පුලුවන්.

මෙන්න කතාව කෙටියෙන්...



කතාව ගැන විස්තර බලන්න මෙතනින්...
IMDb | Amazon.jobs


උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.
subtitle · GitHub Topics · GitHub

ළගදීම මෙතනිනුත් ලබා ගන්න පුලුවන්...
Zoom.LK | Sri Lanka's Premier Entertainment Portal


චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.
How to download torrents on Android | VPNpro


උපසිරැසි බාගෙන පුලුවන් නම් මෙතන වචනයක් ලියලා යන්න...

Comments

  1. ලස්සනයි. ආසයි බලන්න.

    ReplyDelete

Post a Comment