Proximity (2020)


Proximity (2020)

අද මම උපසිරැසි අරගෙන ආවේ පිටසක්වල සමග සම්බන්ධකම් තියෙන කතාවකට. මේ සිනමා පටය එලි දැක්වුයේ මේ ළගදී. හරියටම කියනවානම් 2020 මැයි 18. මේ නිසා වැඩිය පිරිසක් තාම මේ සිනමා පටය නරඹලා නෑ. ඒ නිසා රේටිං වල අඩුවක් තියෙනවා. හැබැයි කතාව බලන්න ලස්සනයි. කොච්චර වුනත් මේ කතාවේ අධ්‍යක්ෂකට මීට වඩා දෙයක් කරන්න තිබුනා කියන හැගීම හිතේ තියෙනවා.

Proximity සිනමා පටය අධ්‍යක්ෂණය කලේ Eric Demeusy. රගපෑමෙන් දායක වෙනවා Ryan Masson, Highdee Kuan, Christian Prentice වගේ අය.

කතාව ගැන කියනවානම්, අපේ කතා නායකයාව පිටසක්වල යානාවකින් පැහැරගන්නවා. එයාට පුලුවන් වෙනවා පොඩි වීඩියෝවක් ගන්න මේ පිටසක්වල ජීවියාගේ. මේ නිසා අයිසැක්ට සිද්ධ වෙනවා නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න. හැබැයි, අයිසැක් තදින්ම තීරණය කරනවා කොහොමහරි මේ සිද්ධිය ඇත්ත එකක් කියලා සාක්ෂි එක්ක ඔප්පු කරනවා කියලා. ඉතිං මේ සාක්ෂි හොයාගෙන අයිසැක් යන ගමන ගැන කතාව බලලාම දැනගමු.


IMDB විස්තර සදහා

Trailer එක බලන්න කැමති අයට



බාගන්න පුලුවන් මෙතනින්.
Torrent link

Direct download


උපසිරැසි ගන්න පුලුවන් මේ තැන් වලින්.


උපසිරැසි ගන්න අය ඒවා බාගන්න තැන් වල පුලුවන් නම් වචනයක් ලියලා යන්න. මේවා අපේ හිත් දිරිමත් කරන්න ගොඩාක් උපකාර වෙනවා.

Comments