Rovdyr Manhunt (2008) සිංහල උපසිරැසි

Rovdyr (2008)

අද තවත් horror movie එකක උපසිරැසි අරගෙනයි ආවේ. ටිකක් පරණ කතාවක්. මේක ඉංග්‍රීසි එකක් නෙමෙයි. නෝර්වේ වල නිෂ්පාදනය කරපු එකක්. නෝර්වේ භාෂාවෙන් මම බලපු පලවෙනි චිත්‍රපටිය මේක. විදේශ රටවල චිත්‍රපටි බලන්න ආස අයට මේක හොද එකක් වෙයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Patrik Syversen. ප්‍රධාන චරිතය රගපාන ලස්සන කෙල්ල Henriette Bruusgaard, Jørn Bjørn Fuller GeeLasse ValdalNini Bull Robsahm ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ හැටියට 1974 දී තරුණ කණ්ඩායමක් යනවා කදු නැගීමේ චාරිකාවකට. ඒකට යන්න තියෙන්නේ කැලෑ පාරක් මැදින්. අපේ හතර දෙනාගේ කණ්ඩායම මේ ගමන යන අතරමැදදී එක තැනක නවතිනවා කෑම එක් රැස් කරගන්න. ඒ නැවතුම සම්පූර්ණ ගමනම සහ ජීවිතයම වෙනස් කරයි කියලා එයාලා දන්නවානම්, කීයටවත් එතන නවතින්නේ නෑ. මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න.

මේ කතාවේ වැඩිය කතා බහ නෑ. ඒ නිසා තරමක් ලේසියෙන් කරපු උපසිරැසි නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. හැබැයි හොදට බලන්න පුලුවන් කතාවක්...

කතාව ගැන විස්තර බලන්න මෙතනින්...
IMDb | Amazon.jobs


උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.
subtitle · GitHub Topics · GitHub

ළගදීම මෙතනිනුත් ලබා ගන්න පුලුවන්...
Zoom.LK | Sri Lanka's Premier Entertainment Portal


චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.
How to download torrents on Android | VPNpro


උපසිරැසි බාගෙන පුලුවන් නම් මෙතන වචනයක් ලියලා යන්න...



Comments