Ocean's Eight (2018)



පහුගිය දවස්වල රාජකාරී වැඩ ඉතා වැඩි වීම නිසා, අමතර වැඩ කිසිම දෙයක් කරගන්න වෙලාව වෙන් කරන්න අපහසු වුනා. කොහොම හරි ටික ටික මේක ඉවර කරගන්න පුලුවන් වෙච්ච එකට සතුටුයි.


අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ සිනමා පටයක්. මේක කාන්තාවන් හත්දෙනෙක් එකතු වෙලා කරන හොරකමක් ගැන කතාවක්.

මේක IMDB ratings වල 6.3 අරගෙන සාමාන්‍යයෙන් ඉහල තැනක ඉන්න කතාවක්. Gary Ross විසින් අධ්‍යක්ෂණය කරන මේ සිනමා පටයට රගපෑමෙන් දායක වෙනවා ලස්සන කාන්තාවන් ගොඩාක්. ප්‍රධානම නිලියන්ගේ නම් කියනවා නම් Sandra Bullock, Anne Hathway, Cate Blanchett යන අය ඉන්නවා.

සාමාන්‍යයෙන් හොරකම් ගැන කතා වලදී අමාරු වැඩ කොටසක් කරන්නේ පිරිමි පාර්ශවය. ඒත් මේ කතාව ගෙතෙන්නේ ඉතා දක්ෂ බුද්ධිමත් කාන්තාවක් මූලික කරගෙන. එයා අවුරුදු කිහිපයක් නොකල වැරැද්දකට හිරේ ඉන්න අතරේ තමයි මේ හොරකම සැලසුම් කරන්නේ. වෙන්න පුලුවන් සියලුම ආකාරයන් ගැන හිතලා, ඒ හැම විදියක්ම හරිගස්සපු සැලැස්මක් අරගෙන තමයි එයා හිරෙන් නිදහස් වෙන්නේ. දැන් තියෙන අභියෝගය තමයි මේ සැලැස්ම ඇත්ත ලෝකේ ක්‍රියාත්මක කරන එක.

අපේ කෙල්ලෝ හත් දෙනාට මේ අභියෝගය ජයගන්න පුලුවන් වෙයිද කියලා බලන්න මේ සිනමා පටයෙන්. අනිත් එක, ඇයි මේක Ocean'a Eight වුනේ හත නොවී කියලා දැනගන්නත් මේක බලන්නම වෙනවා.

වැඩි විස්තර බලන්න 
IMDB link

Wikipedia Link

උපසිරැසි බාගන්න පුලුවන් මෙතනින්.


Zoom.lk එකෙත් මේ උපසිරැසි දාලා තියෙනවා. ගිහින් බලන්න.

සිනමා පටය රස විදින අතරම, පුලුවන් අය මෙතන හෝ උපසිරැසි ගන්න තැන වචන කිහිපයක් ලියලා යන්න. ඒක හොද දිරිමත් කිරීමක්...


Comments