The Girl From Yesterday (2017) සිංහල උපසිරැසි

 


මම ආසයි වෙනස් භාෂා වල සිනමා පට වලට. ඒ නිසා මේ පාර අරගෙන ආවේ වියට්නාම් භාෂාවෙන් නිෂ්පාදනය කරපු කතාවක්. Netflix තමයි මේක කරන්නේ. ඒ නිසා වියදම් කරලා, ලස්සනට කරලා තියෙනවා.

මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ වියට්නාමයේ ජනප්‍රිය කෙනෙක්. නම Phan Gia Nhat Linh. එහෙ ජනප්‍රිය
 වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. ළමා රංගනයෙන්  Ha Mi, Minh Khang රගපෑමෙන් දායක වෙනවා. මේකේ පුංචි කෙල්ලගේ රගපෑම ඉතා ඉහල බව නොකියාම බෑ. තරුණ කාලේ චරිත වලට Miu Le, Ngo Kien Huy, Hoang Yen Chibi සහ Jun Pham යන අය ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

මේ සිනමා පටයේ කතාව ගෙතෙන්නේ තරුණ පාසල් ආදරයක් වටා. අපේ තරුණ කොල්ලාට හැමදේම වෙන්නේ වැරදියට. කිසිම දෙයක් හරියන්නේ නෑ. පන්තියේ අන්තිමයා. මේ අතරේ පන්තියට අලුතෙන් එනවා කෙල්ලෙක්. මේ කෙල්ල ගැන අපේ කොල්ලාට හිත් පහල වෙනවා. හැබැයි එයා නිතරම එයාගේ පොඩි කාලේ ආදරේ ගැන හිතනවා. ඒ ආදරේ දැන් ආදරේ කරන කෙල්ල සමග සංසන්දනය කරනවා.

මෙයාට ආදරේ ජය ගන්න පුලුවන් වෙයිද? අනාගතේ මොන වගේ වෙයිද? මේවා දැනගන්න මේ ලස්සන ආදර කතාව බලන්න.

මේකේ විස්තර බලන්න පුලුවන් මේ තැන් වලින්

https://www.imdb.com/title/tt7194618/

https://en.wikipedia.org/wiki/The_Girl_from_Yesterday

පොඩි කොටසක් බලන්න කැමති අයට


මගේ උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.

https://subscene.com/subtitles/the-girl-from-yesterday-co-gai-den-tu-hom-qua/sinhala/2298941

Zoom.lk වෙබ් අඩවියෙනුත් මේක ලබා ගන්න පුලුවන්. වෙන තැන් වල නෑ.


මගේ උපසිරැසි අරගෙන මේ සිනමා පටය රසවිදින්න. අමතක කරන්නේ නැතුව මෙතන හරි උපසිරැසි ගන්න තැන් වල හරි වචනයක් ලියලා යන්න.



Comments