Death Note 2: The Last Name (2006) සිංහල උපසිරැසි

 

Death Note (2006) පළවෙනි කොටසට මම උපසිරැසි හදලා දැම්මා. ඒක කොටස් හතරකින් සමන්විත කතා මාලාවක පළවෙනි කොටස. අද මම මේ අරගෙන ආවේ ඒකේ දෙවෙනි කොටසේ (දෙවෙනි චිත්‍රපටියේ) සිංහල උපසිරැසි. Death Note 2: The Last Name (2006).


පළවෙනි කතාව ලියපු, පළවෙනි කතාව අධ්‍යක්ෂණය කරපු අයම තමයි මේකත් කරන්නේ. ඒ නිසා පළවෙනි කතාවේ තත්වය ඒලෙසම රැකගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Shûsuke Kaneko. රගපෑමෙන් දායක වෙනවා Tatsuya Fujiwara, Takeshi Kaga, Erika Toda සහ Ken'ichi Matsuyama ඇතුළු පිරිසක්. මෙහි මීසාගේ චරිතය, පළවෙනි කතාවේ ඉතා කුඩා කොටසකදී පෙන්වුවත්, මේකේ ඇය ප්‍රධාන චරිතය විදියට රගපානවා. 


කතාව: පළවෙනි කොටස බලලාම තමයි මේ කොටස බලන්න වෙන්නේ. පළවෙනි කොටසේ කීරා ලෙසින් පෙනී සිටින කෙනෙක් අපරාධකාරයන්ව ළගට නොගොස් මරාදානවා. ඔහුව අල්ලාගැනීමට එල් නමින් පෙනී සිටින අපරාධ පරීක්ෂකයෙක් වෙහෙසෙනවා. මේ කතාව ඇතුලේ ඒ කීරා අල්ලා ගැනීමේ වැඩපිළිවෙලදී තවත් කීරා කෙනෙක් හමුවෙනවා. දැන් කීරාලා දෙන්නෙක් හොයාගැනීමේ අභියෝගය තමයි පොලීසියට තියෙන්නේ. කතාව බලන්න. කුතුහලය පිරිච්ච කතාවක්. හැම දේකටම පැහැදිලි කිරීමක් තියෙනවා කතාව ඇතුලේම. 


තව කතා මාලාවේ කොටස් දෙකක් තියෙනවා. බලන ඔයාලාගේ ප්‍රතිචාර මත ඒ දෙකත් පරිවර්තනය කරන්නම්. එතකල් වෙන කතාවකට අවසර....


මම මේක අරගත්තේ https://1337x.to/torrent/2269112/Death-Note-The-Last-Name-2006-1080p-BluRay-x264-FOXM/ වෙබ් පිටුවෙන්...

උපසිරැසි අරගන්න පුළුවන් පහල ලින්ක් එකෙන්. Zoom.lk එකෙත් මේක පලවේවි.

https://subscene.com/subtitles/death-note-the-last-name-desu-nto-the-last-name/sinhala/2318254

වැඩි විස්තර බලන්න කැමති අයට මෙන්න තැන්.

https://www.imdb.com/title/tt0810827/

https://www.rottentomatoes.com/m/death_note_the_last_name

https://en.wikipedia.org/wiki/Death_Note_2:_The_Last_Name

පොඩි කොටසක් බලන්න ආස නම් ඒකටත් මෙන්න අවස්ථාව.


චිත්‍රපටිය බලලා විනෝද වෙන්න... ජයවේවා!!



Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට �� �� ... මේ film series එකේ ඉතුරු film දෙකටත් සබ් කරන්න �� ..
    තව Tabrett Bethellගෙ Legend of The Seeker එකේ හිටපු Karaගෙ film එකක් තියනවා The Clinic (2010) කියල පුලුවන් නම් පොඩ්ඩක් බලන්න set වෙයිද කියල ��

    ReplyDelete

Post a Comment