Enola Holmes (2020)

 


ඔන්න තව උපසිරැසියක් නිර්මාණය කලා. මේක ඉල්ලීමකට අනුව කරපු එකක්. ඇත්තටම ලස්සන කතාවක්. මම කොහොමත් රහස් පරීක්ෂක කතා වලට කැමතියි. වැඩියෙන්ම ශර්ලොක් හෝම්ස් ගේ කතා වලට. ඉතිං මේක හැදුවේ හරිම ආසාවෙන්.

Enola Homes කියන්නේ මේ ඊයේ පෙරේදා එලියට ආපු සිනමාපටයක්. හරියටම කියනවානම් 2020 සැප්තැම්බර් 23 වෙනිදා. මේ වෙනකොටත් අති විශාල ඡන්ද ප්‍රමාණයකින් 6.7 ක් වගේ IMDB අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. Harry Bradbeer විසින් අධ්‍යක්ෂණය කරපපු මේ කතාව, නවකතාවක් පාදක කරගෙන තමයි දිවෙන්නේ. ප්‍රධාන චරිත වලට Millie Bobby Brown, Henry Cavill, Sam Claflin සහ Louis Partridge රගපානවා. ප්‍රධාන චරිතය රගපාන Millie Bobby Brown කියන්නේ ගොඩාක් තරුණ (ඉපදිලා තියෙන්නේ 2004 නොවැම්බර්) හැබැයි දක්ෂතා නිසා ගොඩාක් ඇගයීමකට ලක්වෙච්ච නිළියක්.

සිනමාපටයේ කතාව හැමෝම බලාපොරොත්තු වන විදියටම රහස් පරීක්ෂක කතාවක්. අවුරුදු 16 ලබන උපන්දිනය දවසේ උදේ නැගිටලා බලනකොට එනෝලාට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ අම්මා ගෙදර නැති බව. ගිය දිහාවක් පිළිබඳව කිසිම සදහනක් නැති නිසා, ඇයගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා, ශර්ලොක් සහ මයික්‍රොෆ්ට් ගෙදරට පැමිනෙන්නේ අම්මාව සොයාගැනීමේ අරමුණෙන්. කෙසේ නමුත් එනෝලා තනිවම මේ පිළිබව ක්‍රියාත්මක වෙන්නේ, මගදී හමුවෙන වංශාධිපතියෙකුගේ ජීවිතය

පිළිබද ගැටලුවකටත් මැදිහත් වෙමින්. එනෝලාගේ ඉදිරි ගමන මේ කතාව පුරාම දිවයනවා.


මේ කතාව ගැන වැඩි විස්තර බලන්න පුලුවන් මෙතනින්.

https://www.imdb.com/title/tt7846844/

https://en.wikipedia.org/wiki/Enola_Holmes_(film)

මගේ උපසිරැසිය ගන්න පුළුවන් මෙතනින්. 

https://subscene.com/subtitles/enola-holmes/sinhala/2306454

Zoom.lk වෙබ් අඩවියෙනුත් මේක ගන්න තියෙනවා.

සිනමා පටයේ පොඩි කොටසක් බලන්න මෙතනින්...



ලස්සන කතාවක්. හොඳට රසවිදින මෙන් ඉල්ලනවා.. පුළුවන් අය මෙතන හරි උපසිරැසි බාගන්න තැන් වල හරි වචනයක් ලියලා යන්න......

Comments

Post a Comment