Friend But Married (2018) සිිංහල උපසිරැසි

 



ඔන්න මේ පාර මම අරගෙන ආවේ ඉන්දුනීසියාවේ චිත්‍රපටියක්. මම ආසාවෙන් වෙනත් භාෂා වල චිත්‍රපටි බලනකොට, ඒවාට කැමති කෙනෙක් තමයි මේක ගැන කිව්වේ.

නමින්ම තේරෙනවානේ මොන වගේ කතාවක්ද කියලා. හැබැයි, මේක ආදර කතාවක්. අපි ගොඩාක් දෙනාගේ හිත් වල තියෙන ආදර කතාවට සමානයි කියලා මට හිතෙන්නේ. ඒ නිසා ආසාවෙන් බැලුවා මේක. උපසිරැසි නිර්මාණයත් ටිකක් අමාරුවෙන් වුනත් පුළුවන් තරම් හොදට කලා කියලා හිතෙනවා. බලන ඔයාලාට තමයි වැරදි අඩුපාඩු කියන්න වෙන්නේ.

මේක ටිකක් පරණ චිත්‍රපටියක්. 2018 මාර්තු මාසේ තමයි ඉන්දුනීසියාවේදී තිරගත වෙන්නේ. හැබැයි, මට මේක ගැන දැනගන්න ලැබුනේ මේකෙම දෙවෙනි කොටස මේ අවුරුද්දේ එලියට දාපු නිසා. මීට වඩා දෙවෙනි එක ජනප්‍රිය වුනා. හැබැයි, මේ කොටසට ගොඩාක් දේවල් සම්බන්ධ නිසා තමයි ඉස්සෙල්ලා මේක පරිවර්තනය කරන්න හිතුවේ. තව ටික දවසකින් දෙවෙනි එකත් හදලා දෙන්නම්.

Rako Prijanto තමයි මේකේ අධ්‍යක්ෂක. ගොඩාක් චිත්‍රපටි කරපු කෙනෙක්. සම්මාන ගොඩාක් අරගත්ත අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙයා. මේ චිත්‍රපටියත් කතාවට කිසිම අසාධාරණයක් නොවෙන්න කරලා තියෙනවා. රගපාන රංගන ශිල්පීන් ඔක්කෝම තරුණ වීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති. Adipati Dolken, Vanesha Prescilla සහ Denira Wiraguna තමයි ප්‍රධානම චරිත රගපාන්නේ. මීට අමතරව සහාය චරිත සියල්ලම තරුණ අය කරන්නේ.

කතාව: ආයු සහ ඩිටෝ පොඩි කාලේ ඉදලාම හොඳම යාළුවෝ. කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොඳම යාළුවෝ වෙන්න බෑ කියලා කියනවානේ. හැබැයි ආයු හිතන්නේ යාලුකම විතරයි. මොනවා වුනත් අපේ ඩිටෝ කොල්ලා, කෙල්ලව දැකපු වෙලාවේ ඉදලාම එයාට ආදරේ කරනවා. එයා නිසා නොකරන දෙයක් නෑ. මේ ආදරේ කියන්න එන දවසේ, ආයු ට මෙයාට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ වෙන කොල්ලෙක් ගැන. අපේ ඩිටෝට මොකද වෙන්නේ? එයාගේ ආදරේ ට? ආදරේ කියාගන්න පුළුවන් වෙයිද? 

මේවා දැන ගන්න කුතුහලය තියාගෙන මේ චිත්‍රපටිය බලන්න.


මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන් මේ තැන් වලින්.

https://www.imdb.com/title/tt8076266/

https://en.wikipedia.org/wiki/Teman_Tapi_Menikah

උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්. Zoom.lk වෙබ් පිටුවෙනුත් අරගන්න පුළුවන්. වෙන කොහේවත් නෑ.

https://subscene.com/subtitles/temantapimenikah-friends-but-married/sinhala/2307823



චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.

https://yts.mx/movies/friendbutmarried-2018

Comments

  1. බොහොම ස්තුතියි මං ඉල්ලපු එකට සබ් දුන්නට අහම්බෙන් හම්බුනේ මේ සබ් එකත් fb profile එකේ දාලා තියනව දැකලා ��❤️.. මේකෙ දෙවනි කොටසටත් සබ් දෙන්න බ්‍රෝ ��..
    ජය වේවා.! ����

    ReplyDelete

Post a Comment