Ghost (유령 / Yooryung) සයිබර් අපරාධ මාෆියාව (2012)

 

මම අද ඉදලා ඔයාලා වෙනුවෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ 2012 අවුරුද්දේ කොරියාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක සිංහල උපසිරැසි. මේ මගේ පලවෙනි නිර්මාණය. මේ නිර්මාණය කරන්න ගොඩාක් මහන්සි වුනා. මොකද එකක් හැමදේම ඉගෙන ගෙන කරන්න වෙච්ච එක, අනික මේ කතාව ටිකක් පරිගණක ලෝකයේ කතාවක් වීම. පැයක් පුරා දිවෙන කොටස් 20කින් සමන්විත මේ කතා මාලාව එක දිගටම බලන්න රස විදින්න පුලුවන් කතා මාලාවක්. කොහොම උනත් දන්න සිංහලෙන් මේ කතාව රසවිදින්න මම හැමෝටම ආරාධනා කරනවා.

මේ හැම දෙයක්ම පටන් ගන්නේ ජනප්‍රිය නිලි ශින් හ්‍යු ජොන්ග් ගේ මරණයත් එක්ක. ගොඩාක් දෙනා විශ්වාස කරන්නේ මේ මරණයට හේතුව එයාට විරුද්ධව අන්තර්ජාලයේ හැමතැනම තිබුණු නරක කටකතා බව. හැබැයි මේවා මොන තරම් දුරට ඇත්තද කියලා හොයන්න කවුරුවත් මහන්සි වෙන්නේ නෑ. මේ අතරේ කොරියාවේ ප්‍රසිද්ධ හැකර් වරයෙක් ඉන්නවා හදේස් කියලා. එයා කරන වැඩ අල්ලන්න පොලිසියේ සයිබර් විමර්ෂණ අංශයේ කිම් වූ හ්‍යුන් ගොඩාක් මහන්සි වෙනවා. හිතාගන්න බැරි විදියට හදේස්, ශින් හ්‍යු ජොන්ග් ගේ මරණයට සම්බන්ධ වෙන්නේ පරීක්ෂක කිම් වූ හ්‍යුන් වත් මේකට සම්බන්ධ කරගනිමින්.

පරීක්ෂක කිම් වූ හ්‍යුන්, හදේස්, ශින් හ්‍යු ජොන්ග්, විමර්ෂණ කණ්ඩායම මේ හැමකෙනෙක්ම පැටලෙන අභිරහස් මරණය කරපු අපරාධකාරයා කවුද? ඇයි මෙහෙම වෙන්නේ? දිගටම මේ අලුත් කතාව බලන්න. පරිගණක ගැන ආසාවක්  තියෙන අය මග නොහැර බලන කතා මාලාවක් වෙයි කියලා හොදටම විශ්වාසයි.

මේ කතාව ගැන වැඩි විස්තර බලන්න මේ තැන් වලින්.

උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. කොටස් 20ම තියෙනවා.

නාට්‍යය බාගන්න කැමති නම්, මෙතන තියෙනවා.

සියළුම දෙනාටම රස විඳින්න ආරාධනා කරනවා... ජය වේවා!!

Comments

  1. බොහොම ස්තූතියි මේ Drama එකේ සබ් සේරටම ����..
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment