Over the Moon (2020) සිංහල උපසිරැසි

 



Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න.

මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි දක්වපු සිනමා පටයක්. වෙනස් කතා තේමාවක් තෝරගත්ත නිසාම, වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක්. එයාලා තමයි Glen Keane සහ  John Kahrs. මේකට කටහඩ දායකත්වය දීලා තියෙනවා Cathy Ang, Brycen Hall, Robert G. Chiu සහ Phillipa Soo ඇතුලු පිරිසක්. මේ වෙනකොටත් IMDB එකේ 6.7 වගේ අගයක් අරගෙන තියෙනවා මේ කතාව.

කතාව: අම්මාගේ කතා අහලා හඳේ ජීවත් වෙන දේවතාවයක් ගැන විශ්වාස කරන ෆේ ෆේ තමයි කතා නායිකාව. එයා හිතාගෙන ඉන්න විදියට ඒ දේවතාවිය ආදරයේ උපරිමය. ඉතිං මේ දේවතාවිය හමුවෙන්න රොකට් එකක් හදාගෙන හදට යන හැටි තමයි මේ සිනමා පටයේ තියෙන්නේ. ලස්සනට, සංගීතය හොදින් යොදවලා නිර්මාණය කරලා තියෙනවා.

මේක අරගත්තේ https://yts.mx/movies/over-the-moon-2020 ලින්ක් එකෙන්. 

උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. Zoom.lk වෙබ් පිටුවෙත් තියෙනවා.

https://subscene.com/subtitles/over-the-moon-2020/sinhala/2322271

කතාව ගැන විස්තර ටිකක් කියවන්න කැමති නම්,

https://www.imdb.com/title/tt7488208/

https://en.wikipedia.org/wiki/Over_the_Moon_(2020_film)

පොඩි කොටසකුත් ඔන්න මෙතනින් දැම්මා.


චිත්‍රපටිය රසවිදියි කියලා බලාපොරොත්තු වෙනවා!! ජයවේවා!!

Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට 🙂 ..
    The Call (2020) කියලා Insidious film series එකේ හිටපු Lin Shayeගෙ අලුත් film එකක් පෙරේදා ආවා 🙂 පුලුවන් නම් ඒකටත් උපසිරැසි කරන්න 🙂

    ReplyDelete
  2. බොහොම ස්තූතියි සබ් එකට �� ..
    The Call (2020) කියලා Insidious film series එකේ හිටපු Lin Shayeගෙ අලුත් film එකක් පෙරේදා ආවා �� පුලුවන් නම් ඒකටත් උපසිරැසි කරන්න ��

    ReplyDelete

Post a Comment