Relic (2020) සිිංහල උපසිරැසි

 


Relic මේ අවුරුද්දේ මුල නිකුත් කෙරුණු සිනමාපටයක්. මේක නිෂ්පාදනය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හොලිවුඩ් සංස්කෘතියට ගොඩාක් සමාන විදියට චිත්‍රපටි හදන්න දැන් ඕස්ට්‍රේලියාවත් පෙළඹිලා. මම හිතන්නේ මේක ඒ උත්සාහයේ ප්‍රතිපලයක්. ගොඩාක් දවස් ඉදලා මේකේ උපසිරැසි කරන්න හිතාගෙන හිටියත්, දවසින් දවස පහුවෙලා, අන්තිමේදී අද තමයි කරගන්න පුළුවන් වුනේ. 

මේ චිත්‍රපටියත් කොච්චර හොදට කරත්, කොවිඩ් වසංගතය නිසා හිතපු තරම් ආදායම් ගන්න බැරිවෙච්ච එකක්. හිතපු තරම් ප්‍රේක්ෂක ආකර්ශණයක් ලබාගන්න බැරිවෙච්ච සිනමාපටයක්. Natalie Erika James විසින් ලියන ලද කතාවක් ඇය විසින්ම අධ්‍යක්ෂණය කරලා තමයි මේක බිහිවෙන්නේ. මුළු කතාවටම වැඩිය නළු නිළියෝ නෑ. ප්‍රධාන චරිත තුනට පණ පොවන්නේ Emily Mortimer, Robyn Nevin සහ Bella Heathcote. 

මේ කතාව කෙටියෙන් කියන්නම්. බලන්න ආස හිතෙන්න. කතාව දිවෙන්නේ තනියම දිවි ගෙවන ආච්චි කෙනෙක් වටා. එයා එකපාරටම අතුරුදහන්. වට පිටාවේ අය, පොලිසියේ අය කොච්චර හෙවුවත් හොයාගන්න නෑ. අන්තිමේදී එයාලා ආච්චිගේ දුවට කතා කරනවා. දුවත්, මිණිබිරිත් එනවා ආච්චි ගැන හොයන්න. ආච්චිට මොකද වුනේ? මේ ගෙදර තියෙන හිතාගන්න බැරි සද්ද මොනවාද? ගෙදරට හොරෙන් එන කෙනා කවුද? මේවා දැනගන්න කතාව බලන්නම වෙනවා..

කොච්චර වුනත්, මේක ඇමරිකාවේ හොලිවුඩ් වල කලානම්, මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා හිතෙනවා. මේ කතාව ඒ තරම්ම හොද වුනත්, චිත්‍රපටියකට ගද්දි ඒ තරම් video effects පාවිච්චි කරලා නෑ. ඒ බව හොදටම පේනවා IMDB එකේ අද වෙනකොට අරගෙන තියෙන්නේ 5.9 වගේ අගයක් විතරක් වීමෙන්. 1997 දීත් මේ නමින්ම ඇමරිකාවේ නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, මීට වඩා ගොඩාක් ජනප්‍රිය වුණු බව නොකියාම බෑ.

තව විස්තර දැන ගන්න පුලුවන් තැන් මෙන්න...

https://en.wikipedia.org/wiki/Relic_(2020_film)

https://www.imdb.com/title/tt9072352/

මගේ උපසිරැසි ගන්න පුලුවන් මේ තැන් වලින්.

https://subscene.com/subtitles/relic/sinhala/2306963

Zoom.lk වෙබ් අඩවියෙත් මේක තියෙනවා. වෙන තැන් වල නෑ.

පොඩි කොටසක් බලන්න කැමති නම්, මේ වීඩියෝව බලන්න.


මේ චිත්‍රපටි බලලා, රසවිදින ගමන්, පුළුවන් අය මෙතන වචනයක් ලියලා යන්න....

Comments

Post a Comment