The Prestige (2006)

 


The Prestige කියන්නේ ගොඩාක් දෙනා අතර ජනප්‍රිය සිනමා පටයක්. 2006 අවුරුද්දේ මේක නිකුත් වුනත්, තාමත් හොද ප්‍රතිචාර තියෙනවා. IMDB rating 8.5 වගේ වාර්තා කරලා තියෙනවා. 

මම උපසිරැසි නිර්මාණය කරපු චිත්‍රපටි වලින්, මේක තමයි වැඩිපුරම මහන්සි වෙලා, වැඩියෙන්ම කැපවීමෙන් නිර්මාණය කරපු එක. ඇත්තටම චිත්‍රපටිය තුන්පාරක් බැලුවා. නොතේරෙන දේවල් ලේසියෙන් තෙරෙන විදියට සිංහලෙන් ලියන්න ගොඩාක් උත්සාහ කලා. මම හිතනවා ඒක සාර්ථක වෙලා ඇති කියලා. බලන ඔයාලා තමයි ඒක හරියටම කියන්න ඕනේ.

මේ චිත්‍රපටිය, බොලිවුඩයේ ජනප්‍රියම සිනමා අධ්‍යක්ෂ්ක Christopher Nolan වසින් නිර්මාණය කරපු එකක්. Hugh Jackman, Christian Bale ප්‍රධාන මැජික් ශිල්පීන්ගේ චරිත රගපාන අතරම, Rebecca Hall සහ Scarlett Johansson ප්‍රධාන කාන්තා චරිත වලට පණ පොවනවා. මේ නළු නිලියන්ගේ නම් වලින්ම පේනවා නේද මේකේ තරම.

ගොඩාක් දක්ෂ මැජික් ශිල්පීන් දෙන්නෙක්, එකට වැඩ කරනවා. මේ දෙන්නාම එක සසමාන දක්ෂ බව දෙන්නාම තේරුම් ගන්නවා. හැබැයි, එක දවසක සිදුවන ඛේදජනක සිද්ධියක් නිසා, මේ දෙන්නා ලොකුම හතුරන් බවට පත්වෙන්නේ නොදැනුවත්වම. දෙන්නා දෙන්නාටම වඩා හොද ලොකු පුදුම සහගත මැජික් කරන්න දරණ උත්සාහයක් තමයි මේ කතාවට තේමාව වෙන්නේ. තමාගේ සියළුම දේවල් කැප කිරීමට මේ දෙන්නාම මොහොතක්වත් පසුබට වෙන්නේ නෑ. ඒ නිසාම, කරන කැපකිරීම් මේ කතාවේ පුදුම විදියට පෙන්වනවා. 

ගොඩාක් කල්පනාවෙන් බැලිය යුතු චිත්‍රපටියක් මේක. අපි නොහිතන දේවල් ගොඩාක්, අපිට නොදැනුවත්වම පෙන්වනවා. කියනවා. රස විදින්න. මේක ලස්සනම ලස්සන කතාවක්.

මේ කතාව ගැන විස්තර බලන්න පුළුවන් තැන් මෙන්න.

https://en.wikipedia.org/wiki/The_Prestige_(film)

https://www.imdb.com/title/tt0482571/

උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්.

https://subscene.com/subtitles/the-prestige/sinhala/2303081

www.zoom.lk වෙබ් අඩවියට පමණක් මේ උපසිරැසි ලබාදීලා තියෙනවා. එතනිනුත් බාගන්න පුළුවන්.

කතාව රස විදලා, පුළුවන් අය මෙතනින් විස්තර ලියලා යන්න.

Comments