Death Note - Desu nôto: Light Up the New World (2016) සිංහල උපසිරැසි


 Death Note - Desu nôto: Light Up the New World (2016) කියන්නේ ජපාන Death Note චිත්‍රපටි මාලාවේ හතරවෙනි චිත්‍රපටිය. මම පළවෙනි චිත්‍රපටි තුනටම උපසිරැසි දුන්නා. මේක තමයි අන්තිමටම ජපානයේ හදපු එක.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ කලින් ඒවා අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා නෙමෙයි. හැබැයි මෙයා ජපානයේ mini tv series එකක් මේ තේමාව යොදාගෙන කරලා තියෙනවා. මේ අධ්‍යක්ෂකවරයා Shinsuke Sato. සුපුරුදු විදියට කතාව ලියලා තියෙන්නේ Takeshi Obata, Tsugumi Ôba දෙන්නා. රඟපෑමෙන් දායක වෙනවා Sôsuke Ikematsu, Erika Toda, Mina Fujii සහ Tatsuya Fujiwara ඇතුළු නළු නිලියන් පිරිසක්.

Ratings ගැන කවුරුත් හොයනවානේ. මේ චිත්‍රපටියට IMDB 5.8, Rotten Tomatoes 40%, Google Users 57%, Letterboxd 2.7 ක් අරගෙන තියෙනවා.

කතාව තියෙන්නේ සුපුරුදු පරිදි මරණයේ සටහන පොත පදනම් කරගෙන. එල්ගේ අනුගාමිකයෙක් එනවා, මරණයේ සටහන භාවිතයෙන් කෙරෙන මිනිමැරුම් ගැන හොයන්න. මේ අතර දැනගන්න ලැබෙනවා, මේ ලොකෙට තියෙන්නේ එක මරණයේ සටහනක් නෙමෙයි කියලා. ඒ අතරේ අළුත් කීරා කියලා කියාගන්නා කෙනෙක්, මේ මරණයේ සටහන් සියල්ල එකතු කරගන්න උත්සාහ දරනවා. මේ දේවල් වලට එල්ගේ අනුගාමිකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේ වෙයිද? අළුත් කීරාව නවත්තන්න පොලිසියට පුළුවන් වෙයිද? මරණයේ සටහන් පොත් වලට මොකද වෙන්නේ? මේවා දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.

https://www.imdb.com/title/tt0005058340/

https://www.rottentomatoes.com/m/death_note_light_up_the_new_world

https://en.wikipedia.org/wiki/Death_Note:_Light_Up_the_New_World


Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.

https://www.youtube.com/watch?v=f6gSUl6FyUs


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ. 

https://subscene.com/subtitles/death-note-light-up-the-new-world/sinhala/2343353


චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...

https://yts.mx/movies/death-note-light-up-the-new-world-2016

https://mkvking.com/death-note-light-up-the-new-world-2016/


සිංහල උපසිරැසි  සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments

  1. ගොඩක් ස්තූතියි සබ් එකට ❤️..
    Death Note කියල english film එකකුත් ඇවිත් තියනව නේද 2017 හැබැයි ඒක නම් japanese film සෙට් එක තරම් සාර්ථක වෙලා නෑ වගේ

    ReplyDelete

Post a Comment