No Escape (Follow Me) (2020) සිංහල උපසිරැසි

 


No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද දීම්, කපන කොටන එවා මේකේ තියෙනවා. හැබැයි කතාව හිතාගන්න බැරි තරම් ලස්සනයි.

ගිය සැප්තැම්බරයේ නිකුත් කෙරුණු මේ චිත්‍රපටිය, තරමක් දුරට ආදායම් අතින් සාර්ථකයි කියන්න පුළුවන්. ලොකු වාර්තා නැතත්, මේ දවස්වල හැටියට අසාර්ථක එකක් නෙමෙයි. මේක ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Will Wernick. මීට කලිනුත් මේ වගේම හිරකාමරයක චිත්‍රපටියක් මෙයා කරලා තියෙනවා. දිගටම මේ වගේ චිත්‍රපටි තමයි මෙයාම නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂනය කරන්නේ. මේකේ රඟපෑමෙන් දායක වෙනවා Keegan Allen, Holland Roden, Ronen Rubinstein සහ George Janko ඇතුළු නළු නිලියන් පිරිසක්. හැමෝම තම තමන්ගේ කොටස ලස්සනට කරලා තියෙනවා.

කතාව කියනවානම්, කෝල් කියන්නේ වීඩියෝ අන්තර්ජාලයට යොමු කිරීම ජීවිකාව කරගත්ත කෙනෙක්. එයා නීතරම වෙනස් දේවල් කරලා වීඩියෝ කරනවා. එයාගේ අවුරුදු දහය සමරන්න යන්නේ, ඩෑෂ් විසින් සූදානම් කරගත්ත විශේෂිත හිර කාමරයකට. ඒක තියෙන්නේ මෙක්සිකෝවේ. රුසියාවේ. සෙල්ලමක් විදියට මේ හිර කාමරයට යන කෝල් ඇතුළු කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ, සෙල්ලමක් නොවන සිදුවීම් වලට. තමන්ගේ ජීවිතය පවා අභියෝගයකට ලක් කරන මේ ප්‍රහේලිකා, කෝල් කොහොමද විසඳන්‌නේ? මෙයාලාට මුහුණ දීමට වෙන අභියෝග මොනවාද? මේවා දැනගන්න, මේකතාව ඉවර වෙනකල්ම බලන්න වෙනවා...


මම මේක අරගත්තේ https://yts.mx/movies/no-escape-2020

Direct downloads කැමති නම් https://mkvking.com/no-escape-aka-follow-me-2020/


මේක ගැන විස්තර කියවන්න මෙන්න තැන්.

https://www.imdb.com/title/tt0008160834/

https://www.rottentomatoes.com/m/no_escape_2020


Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.

https://www.youtube.com/watch?v=tiBE56vQ0Fg


උපසිරැසි ගන්න පුළුවන් මෙතනින්.

https://subscene.com/subtitles/follow-me-2020/sinhala/2337094


සිංහල උපිසිරැසි සමඟ, චිත්‍රපටිය රස විඳින්න!! ජයවේවා!!!

Comments

  1. comබොහොම ස්තූතියි සබ් එකට Dr. අලහකෝන් ❤️...
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment