Possessor (2020) සිංහල උපසිරැසි


 Possessor (2020) මේ අවුරුද්දේ කැනඩාවේ දී නිකුත්කෙරුණු තවත් බය හිතෙන ගනයට දාපු විද්‍යාත්මක චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙන්නේ මේක වැඩිහිටියන්ට හොඳ චිත්‍රපටියක්. ලිංගික සහ නිරුවත් දර්ශණ කීපයක්ම මේකේ තියෙනවා. දැනගෙන බලන්න.

මේක බය හිතෙන කතාවක් නෙමෙයි. හැබැයි කවුරුවත් නොහිතපු විද්‍යාත්මක පැත්තක් ගැන තමයි කතාව දිවෙන්නේ. මම මේක පරිවර්තනයට යොමුවුනේත් ඒ නිසයි. කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brandon Cronenberg විසින්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා Andrea Riseborough, Christopher Abbott, Tuppence Middleton සහ Jennifer Jason Leigh ඇතුලු පිරිසක්.

කතාව තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මම පුළුවන් තරම් උපසිරැසි සරල කලා. ඒ නිසා සම්පූර්ණ පරිවර්තනයක්ම නෙමෙයි මෙතන තියෙන්නේ. මේ වන විට මේ චිත්‍රපටිය IMDB 6.4, Rotten tomatoes 93%, Google user likes 70% අරගෙන තියෙනවා.

මේ කතාව දිවෙන්නේ මිනීමරන කණ්ඩායමක් සම්බන්ධ කරගෙන. හැබැයි මෙයාලා මිනිමරන්‌නේ වෙනස් විදියකට. හරියටම කිව්වොත් ලොකු විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදාගෙන. මේ ක්‍රමය නිසා, මිනීමරුවාගේ හෝ සල්ලි වියදම් කරන්නාගේ කිසිම සළකුණක් දැනගන්න ලැබෙන්නේ නෑ. මොකද්ද මේ අළුත් ක්‍රමය? කොහොමද මෙයාලා මිනිස්සු මරන්නේ? මේ ක්‍රමයේ තිබෙන අවුල් මොනවාද? මේවා මේ කතාව ඉවර වෙනකොට විසදෙන ප්‍රශ්න.

මම මේක අරගත්තේ YTS MOVIES

Direct downloads වලට කැමති අයට MKV KING

මගේ උපසිරැසි අරගන්න පුළුවන්

SUBSCENE SUBTITLES

ZOOM

චිත්‍රපටිය ගැන විස්තර කියවන්න කැමති අය, මේ තැන්වලට යන්න...

IMDB REVIEW

ROTTEN TOMATOES

WIKIPEDIA

මේකේ trailers බලන්න පුළුවන් මේ තැන් වලින්.

SUBSCENE TRAILER

IMDB TRAILER

YOUTUBE TRAILER

සිංහල උපසිරැසි එක්ක, මේ චිත්‍රපටිය රස විඳින්න... ජයවේවා!!!

Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට ��❤️..
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment