The Clinic (2010) සිංහල උපසිරැසි

 



The Clinic කියන්නේ 2010 දී ඕස්ට්‍රෙිලියාවේදී එලදක්වපු චිත්‍රපටියක්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ එක සම්පූර්ණ කාන්තා නිරුවත් දර්ශනයක් තියෙනවා. ඒක පොඩ්ඩක්වත් කාමුක එකක් නෙමෙයි. ඒත් නිරුවත්නේ. දැනුවත් කිරීම මගේ යුතුකම.

වර්තමානයේ ගොඩාක් දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ දවස්වල ආධුනික වගේ වුනාට දැන්නම් ප්‍රවීණ ගණයේ කෙනෙක්. James Rabbitts තමයි කතාව ලියලා අධ්‍යක්ෂණය කලේ. රඟපෑමෙන් දායක වෙනවා Tabrett Bethell (එයා තමයි Legend of the Seeker කතා මාලාවේ කාරාගේ චරිතය කලේ), Freya Stafford, Andy Whitfield සහ Clare Bowen ඇතුළු පිරිසක්. අපේ ප්‍රධාන නිලියගේ රඟපෑම නම් පට්ටයි....

මේකේ කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ගර්භනීව සිටින බෙත් එයාගේ සැමියා එක්ක ගොඩාක් දුර ජීවත් වෙච්ච තමන්ගේ දෙමාපියන් හමුවෙන්න නත්තල් දවසේ පිටත් වෙනවා. මගදී සිදුවන කරදරයක් නිසා, රෑ නවාතැන් ගන්න දෙදෙනාම තීරණය කරනවා. නමුත්, බෙත් උදේ නැගිටිනකොට හිටියේ හිතාගන්න බැරි තැනක. කොහෙද ඒ? එයාට වැඩිපුරම දුක, එයාට සිද්ධ කරලා තියෙන ශල්‍යකර්මය නිසා. මොකද්ද ඇත්තටම බෙත්ට වෙලා තියෙන්නේ? ඇයි එහෙම කලේ? විස්තර මේක බලලාම දැනගන්න.

මම මේක අරගත්තේ https://mkvking.com/the-clinic-2010/

උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු පරිදි Zoom.lk එකෙත් මේක පළවේවි.

https://subscene.com/subtitles/the-clinic/sinhala/2325770

වැඩි විස්තර කියවන් කැමති අයට මෙන්න තැන්.

https://www.imdb.com/title/tt1345772/

https://en.wikipedia.org/wiki/The_Clinic_(2010_film)

https://www.rottentomatoes.com/m/the_clinlic

චිත්‍රපටියේ කෑල්ලක් බලන්න කැමති අයට මේ වීඩ්යෝව

https://www.imdb.com/video/vi2035719449?playlistId=tt1345772&ref_=tt_ov_vi

මේක රසවිඳින්න හැමෝටම ආරාධනා!! ජයවේවා!!


Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට ��
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment