The Curse of Audrey Earnshaw (2020) සිංහල උපසිරැසි

 


අයර්ලන්තයේ නිෂ්පාදිත The Curse of Audrey Earnshaw (2020) එහෙම නැත්නම් The Ballad of Audrey Earnshaw (2020) විදියට සිනමා හල් වලට ආපු චිත්‍රපටියක් තමයි මේ. Horror චිත්‍රපටියක් විදියට නම් කලත්, මේක ඇත්තටම හොල්මන් සම්බන්ධ කතාවක් නෙමෙයි. ත්‍රාසය, කුතුහලය පිරිච්ච ගලාගෙන යන කතාවක් මේක.

මුලින්ම අයර්ලන්තේ ප්‍රදර්ශනය ඇරඹුනේ මේ අවුරුද්දේ ජූලි වල. ගිය මාසේ තමයි ඇමරිකාවේ ප්‍රදර්ශනය පටන් ගත්තේ. අධ්‍යක්ෂණය කලේ Thomas Robert Lee. ඔහුම තමයි මේකේ කතාව ලියලා තියෙන්නේත්. රගපෑමෙන් දායක වෙනවා Jessica Reynolds, Catherine Walker, Jared Abrahamson සහ Hannah Emily Anderson ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව ගලාගෙන යන්නේ ගොඩාක් කාලෙකට කලින් අයර්ලන්තය ආශ්‍රිත පල්ලියක්, වෙන්ව තමන්ගේම ගම්මානයක් සාදා ගැනීමෙන්. මේ ගමට ඇතිවන වසංගත තත්වයක් නිසා මුළු ගම්මානයම සරු බවින් තොර වෙන්න පටන් ගන්නවා. හැබැයි අගතා අර්න්ෂෝගේ ගොවිපොල විතරක් සරුසාරව තියෙනවා. මේ අතරේ ඇයට ඉන්නවා තරුණ වයසේ දියණියක්. මේ දියණිය ගැන ගමේ කිසිම කෙනෙක් දන්නේ නෑ කියලා තමයි කියන්නේ. දැන් එතකොට, කොහොමද ගොවිපොල මෙහෙම වෙන්නේ, ඇයි දුව ගැන ගමේ අයට කියන්නේ නැත්තේ? මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ මේ චිත්‍රපටියේ.

මම මේක අරගත්තේ https://yts.mx/movies/the-curse-of-audrey-earnshaw-2020 ලින්ක් එකෙන්.

උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. Zoom.lk වෙබ් පිටුවෙත් තියෙනවා.


චිත්‍රපටිය ගැන විස්තර කියවන්න කැමති අයට මෙන්න තැන.



චිත්‍රපටියේ පොඩි කොටසක් මෙතනින් බලමු.




බලන්න... රස විඳින්න... ජයවේවා!!


Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට �� ..
    The Call (2020) කියලා Insidious film series එකේ හිටපු Lin Shayeගෙ අලුත් film එකක් පෙරේදා ආවා �� පුලුවන් නම් ඒකටත් උපසිරැසි කරන්න ��

    ReplyDelete

Post a Comment