Friend But Married 2 AKA Teman Tapi Menikah (2020) සිංහල උපසිරැසි

 


#FriendButMarried2 කලින් මේකේ පළවෙනි කොටසට (#FriendButMarried) මම උපසිරැසි දුන්නා. මේ දෙවෙනි කොටස. පළවෙනි කොටසට ලොකු සම්බන්ධයක් නැති වුනත්, ඒක බලලා හිටියොත් හොඳයි කියලායි මම හිතන්නේ. හොඳම යාළුවොන්ටත් බඳින්න පුළුවන්ද? එයාලා බැන්දොත් මොනවගේ වෙයිද? මේ සිනමා පටය ඒ මාතෘකාව ඔස්සේ තමයි ගලාගෙන යන්නේ.

ඉන්දුනීසියාවේ බාලි වල තමයි වැඩි හරියක් රූගත කරලා තියෙන්නේ. යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි. හැබැයි මේ බාලි දූපතේ මැද. අපේ වැඩි දෙනෙක් යන්නේ මුහුද ළගටනේ. පළවෙනි කොටස අධ්‍යක්ෂණය කරපු Rako Prijanto තමයි මේකත් කරන්නේ. අපේ ප්‍රධාන නිලිය නැතිවීම නම් හිතට දුකක්. ඒත් දැන් ඉන්න කෙල්ලත් පට්ට ලස්සනයි. රඟපෑමෙන් දායක වෙනවා Adipati Dolken, Mawar Eva de Jongh, Sp Lili ඇතුලු පිරිසක්.

කතාව: මුලිනුත් කිව්වානේ. අවුරුදු 13ක් හොඳම යාළුවෝ වගේ ඉඳලා, ආයු සහ ඩිටෝ බඳිනවා. දෙන්නා බලාපොරොත්තු වෙන්නේ හැමතැනම සවාරි ගහලා, ලෝකේ බලලා විනෝද වෙන්න. හැබැයි මෙයාලාට අනපේක්ෂිත කරදරයකට, නැත්නම් සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ මෙයාලාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. මේ කතාව දිවෙන්නේ හොඳම යාළුවෝ විදියට අවුරුදු ගානක් හිටපු, කවදාවත් තරහා නොවෙච්ච මේ දෙන්නා, කොහොමද පවුල් ජීවිතේ ගත කරන්නේ කියලා. ලස්සනට තාත්විකව මෙයාලාගේ පවුලේ කතාව හදලා තියෙනවා.

මේ ගැන බලන්න, මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලනවා. ඇත්තටම ලස්සන කතාවක්.

මම මේක බාගත්තේ https://yts.mx/movies/friendbutmarried-2-2020.

වැඩි විස්තර බලන්න පුළුවන් මේ තැන් වලින්.

https://www.imdb.com/title/tt11640412/

https://www.netflix.com/lk/title/81260637

උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. zoom.lk එකෙත් මේක තියෙනවා.

https://subscene.com/subtitles/friendbutmarried-2/sinhala/2316303

කතාවේ පොඩි කොටසක් බලමුද?


හැමෝම රස විඳින්න... ජය වේවා!!!



Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට Mr. අලහකෝන් ����.. ඔයා මගෙ උපසිරසි ඉල්ලීම්වලින් සෑහෙන ඉටුකරල තියනවා..
    * Still/Born (2017)
    * Unsane (2018)
    * #Friend But Married (2018)
    * #Friend But Married 2 (2020)
    * Archons (2020)
    උඩ සඳහන් කරපු filmවලට සබ් දුන්නට ආයෙමත් බොහොම ස්තූතියි ����..
    ජය වේවා.!

    ReplyDelete
    Replies
    1. ඒ හැම එකක්ම ලස්සන කතා. ඒවා ගැන කිව්වාට ඔයාටත් ස්තූතියි. තව හොඳ ඒවා තියෙනවා නම් කියන්න. අනිවාර්යයෙන්ම උපසිරැසි හදනවා.

      Delete

Post a Comment