Death Note 3: L Change the World (2008) සිංහල උපසිරැසි





 Death Note 3: L Change the World (2008) මේ තියෙන්නේ Death Note චිත්‍රපටි මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙක තමයි Death Note (2006) සහ  Death Note: The Last Name (2006). පළවෙනි දෙක 2006 අවුරුද්දේම නිකුත් වුනාට පස්සේ, ටික කාලයක් ගිහිල්ලා, මේක 2008 නිකුත් වුනා. පළවෙනි චිත්‍රපටි දෙකම තනිකරම පාදක වුනේ "මරණයේ සටහන" කියන පොත මතනේ. හැබැයි මේක ඒකෙන් වෙනස් පැත්තකට යොමු වෙලා තියෙනවා. එල් කියන චරිතය වටා තමයි මේක ගොතලා තියෙන්නේ.

මේක අධ්‍යක්ෂණය කරන්නේ, පළවෙනි දෙක කරපු කෙනා නෙමෙයි. ඒකත් මේ කතාව වෙනස් වෙන්න බලපාලා ඇති. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hideo Nakata. ජපාන සිනමාවේ ඇමරිකානු horror චිත්‍රපටි වල අනුවාදන කරපු කෙනෙක් තමයි මේ. කතාව ලියලා තියෙන්නේ Tsugumi Ôba සහ Takeshi Obata කියලා තමයි කියවෙන්නේ. මේකේ රඟපෑමට කලින් චිත්‍රපටි වල හිටපු එල්ගේ චරිතයට පණ පොවපු Ken'ichi Matsuyama ලොකු වෙහෙසක් දරලා තියෙනවා. දක්ෂ රඟපෑමක්. ඔහුගේ සහායට අවුරුදු 14ක (ඒ වෙනකොට) ගැහැණු ළමයෙක් එනවා. නම Mayuko Fukuda. අනිත් නිශ්ෂබ්ධ පොඩි ළමයා Narushi Fukuda. 

හැමෝම කැමති චිත්‍රපටිය බලන්න කලින් IMDB ratings දැනගන්නනේ. මේ වෙනකොට 6.1ක අගයක් ලබාගෙන තියෙනවා. Rotten Tomatoes වල 64% ක් සහ Google Users අය 53% ක් මේකට කැමති වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ඇති මේක බලන්න.

කතාව දිවෙන්නේ එල් කියන අපරාධ පරීක්ෂකවරයා වටා. පළවෙනි කතා දෙක බලලා හිටියානම් හොඳයි. දෙවෙනි එක ඉවර වෙන්නේ කීරාව මරලා, එල්ගේ ජීවිතය දවස් 23කට සීමා කරගෙන. ඒ දවස් 23 ඇතුලත වෙන දේවල් තමයි මේකේ තියෙන්නේ. ලෝකයේ මිනිස් ගහනය වැඩිවීම නිසා, පරිසර පද්ධතියේ තුලනය නැතිවෙනවා කියලා විශ්වාස කරන පරිසර කණ්ඩායමක්, මිනිස්සුන්ව මරන්න පුළුවන් වෛරස් එකක් නිෂ්පාදනය කරනවා. එයාලාගේ බලාපොරොත්තුව, මේ වෛරස් එකෙන් ලෝකයේ අනවශ්‍ය මිනිස් ගහණය නැති කරලා දාන්න. ඒක නවත්තන්න එල් ගන්නා උත්සාහය තමයි මේකේ තියෙන්නේ. බලලාම තීරණය කරන්න මේක කොච්චර සාර්ථකද කියලා.

මම මේක අරගත්තේ mkvking වෙබ් අඩවියෙන්

මගේ උපසිරැසි අරගන්න පුළුවන් මෙතනින්. subscene  මේක ZOOM  එකෙත් පළවේවි.

මේ ගැන විස්තර කියවන්න කැමති අයට මෙන්න තැන්.

imdb

Rotten Tomatoes

Wikipedia

මේකේ පොඩි කෑල්ලක් බලන්න මෙතනින්.



සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රස විඳින්න. හැමෝටම ජයවේවා!!!



Comments

  1. බොහොම ස්තූතියි Mr. අලහකෝන් සබ් එකට ❤️.. මේ film series එකේ අවසානෙට ආපු film එකටත් සබ් එක දෙන්න �� එතකොට film series එකම complete ❤️
    ❤️
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment